Thursday, May 21, 2009

ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු...

ඔන්න ඉතින් මාත් පටන් ගත්තා, හා හා පුරා කියලා බ්ලොග් එකක්. කාලයක් තිස්සෙ වැඩේට බහින්න හිතාගෙන හිටියත්, ඇපල් කොම්පියුටරෙ සිංහල අකුරු කොටන එක ලේසි පහසු වැඩක් නෙවෙයි නෙ. මේක කියවන ඔබ තුමාලට ඔබ තුමීලට සමහර අකුරු කියවන්නට අපහසුවක් වුනා නං සමාවෙන්න ඕනෑ.

ඉස් ඉස්සල්ලාම අපේ වීරෝධාර රණවිරුවන්ට අපේ ප්‍රණාමය පුද කරල, අලුත් දවසක, අලුත් යුගයක, අලුත් වැඩක් පටන් ගන්න එකත් හොඳ දෙයක් නෙ.

‍යුද්දෙකින් රටම එක් සේසත් කරගෙන, ජාතිය ගොඩනගන්න ලැහැස්තිවෙන මේ වෙලාවෙ, සුමානෙකට සැරයක් විතර මේකට ලියුං කෑල්ලක් ලියලා දාන එක මහ කජ්ජක් වෙන්න බෑනෙ - මොකද රටක් හදනවා කියන්නෙ මහා භාර දූර කාර්යයක් නොවැ. අපේ කට්ටියට එච්චර බර වැඩක් කරන්න පුලුවන් නං, මට මොකෝ මේක බැරි..?

ඔහොම යං, ඔහොම යංකො බලන්න...